Monday, June 24, 2013


බලා හිඳීම

දැඩි කුනාටු හමන විට - යෝද රල නුඹ පෙරලා දමන විට
ඈත අනන්තයේ  පහන් කනුව සොයන්න
සයුර රළු වුවත් කෙතරම් - පහන් කනුව තුල උණුසුම්ය වියලිය
නුඹ වෙනුවෙන් මා දැල්වූ එලිය දිගේ එන්න
පාමුල  , රැලි සුළන් මැද , මා දියඹ දෙස බලා හිඳිමි

පණ්ඩිත කම



කෝ ඒ කවිය ,
අවසන් වරට නුබ අතේ ,
දුටුවෙමි මම එය.
හා .. මම එය කියවූවා ,
කියවා විසි කරා .
එතරම් අනගි වෙහෙසක් ,
නුබ විසිකරා .. කොතනටද ?
අඳුරට ,
මම විසි කරා අඳුරට .
අඳුරට ?
මම එය සොයා ගන්නම් .
එපා ..
නුඹ එය කියවූවා ,
එලිය නැත්තවුන් ගෙන එය වැසුනාවේ ,
එලිය ඇති අය එය සොයා කියවාවී ,
එතෙක් එය අඳුරේ තිබුනාවේ.

Friday, June 21, 2013

පරාජය


අතු පතර විහිදුන
සුවිසල් ගසක් ,
උදුරා දැමුණි
මද පවනක් .
කෙටි පොද වැස්සක් ,
ලෙස්සා දැමුණි මහ කන්දක් .
වෙරළේ හැපෙන සුමුදු රළක් ,
දෙපලු කරා ගල් කුලක් .
වෙහෙස දරා
අපමණ දුක් විඳ
ලොවම කැප කර
ලෙයින් පිදු ආලයක්
පැරදුවා
මොහොතක රාගයක්