Monday, November 25, 2013

මතකය

දෙනියේ ඝනට වැවුන,
ලොකු වටකුරු කොළ වල,
සුවඳ දැනෙනා විට ,
මා මතකයේ ,
නුඹේ සුවඳ හමයි .
ඇවිදින දෙපා වලට ,
කැලතෙන දිය කඩිති වල ,
ඔබේ රුව ඇදී ,
කැඩී බිදී යයි .
රබර් යායේ ,
ඈත කෙලවරකින් ඇසුන , 
නරියකුගේ හඬ ....
හෙමින් දෝංකාර දී නැති වන විට ,
මාද ....
කෙමෙන් හීනි වී සුනු විසුනු වී යයි.

Saturday, November 23, 2013

අලුත් වැස්ස

කලක් උඩුගම් බලා ගලාගිය ,
ලවන ජලයෙන් ඉවුරු වැනසුන ,
මුහුදු කරදිය ගඟක් විෂ කල ,
මහා  වැස්සෙන් පිරී ඉතිරී ,
යලිත් පහලට ගලනවා .
පිළිස්සුනු පැල ,
වැසුණු දෙඉවුරද ,
පලා පැහැ දළු වලින් වැසිලා ,
ගඟම සුවපත් කරනවා .
සිසිල් පිරිසිදු ගලන දිය මත ,
පනින ඔබ මොබ ,
මසුන් අසිරිය ගෙනෙනවා  .