Monday, December 7, 2015

ගැඹුරේද වේගයේද අහම්බයක
ශාන්ත වූ සැන්දෑ යාමයක
දියෙන් හනිකට එසවුන
කෙටි රැලකි ඈ
කෙස් කළඹ රන්වනින් දිදුලවා
ක්ෂණයකින් සැඟවුන




Monday, July 6, 2015

අතට ගෙන සීනි බනිසක්
හැන්දෑවේ ආවෙමි මිදුලට දිනක්
දාගෙන බර කල්පනාවක්
ගතවුණා මද වෙලාවක්
කෑම නිම වී පිස අත් දමන කල
පෙනුනා මදෙස බලමින්
තොලකට ලෙවකන බල්ලෙක්
ඕ.....  ඩ් ඈ ඈ ම් න්   ෆක්  

Monday, June 15, 2015

සඳ එලිය ඇති දිනෙක
වෙරල අසල හුදෙකලා වදුලක
අසලින් ඇවිද ගිය මට
ඇසුනි ඉකි බිඳීමක්
හා ඊට යාව සිනහවක්
වන වැදී මා සොයා බැලුවෙමි
පඳුරු මැද තනි වූ සොහොනකි
ඒ මත හිඳ මිය ගිය තරුණියකි
නමුදු හිනැහෙමින් බලා සඳ දෙස
විවර වූ සොහොන් වල තුල
වකුටු වී හඬන තරුණයෙකි
හද ගැහෙන මුත් මළ ලෙස

Sunday, June 14, 2015

වාඩි වී හුන් තැනින් නැගිට මම මදක් ඔබ්බෙන් වූ , වෙරල බොක්කක් මෙන් සකස් වූ සෙමෙන් රැලි නැගුනු නිහඬ මුහුදු තීරය වෙත ඇවිද ගියෙමි. පිටි පසින් වුයේ තරමක ඝන ලැහැබකි. වෙරළට බැසීමට බොරළු පස් ඇති බැවුම් බිම පසු කල යුතුය.කෙටි අඩි අතරින් නොඋස් දුහුවිලි වලා පෙළක් සමාන්තරව පටියක් ලෙස නැගී ඇත.
මම මුහුදෙන් මදක් එසවී තිබුණු තරමක ගල් තලාවක මැද හරියට වන්නට කකුල් දියට ඔබා වාඩි වූවෙමි. නම නොදන්නා කුරුල්ලෙක් පාවී අවුත් තිබු කොටයක තවමත් මුහුදු රලින් උඩ පහත යමින් තිබුණු අන්තයේ ලැග ගත්තේය.
මම සෙමින් කැලතෙන මුහුදු රල සමග වෙරල හා හැපෙන දේ නිරීක්ෂණය කරන්නට වීමි. වේලුනු පොල් ගෙඩියක් , දිලිසෙන ටින් පියනක් , මිය ගිය මාලුවෙක් හා තවත් කුඩා කුඩා දෑ නිරන්තරව ඉහල පහල යමින් වෙරළේ ගැටෙමින් තිබුණි. ඒකතානමය ලෙසින් චලනය වෙමින් ඒවා මට ආමන්ත්‍රණය කරන සෙයකි. කාලය ගතවෙයි. රල පහර කෙමෙන් කෙමෙන් සැඩ වෙයි. ගිලෙන ඉරු එළියෙන් මුහුදු දිය අළු නිල් රතු පැහැයකට හැරුණි.
කුරුල්ලා හදිසියේ කොටයෙන් ඉපිලී ගොඩබිම දෙසට ඉගිල යන ලදී.
මා තව තවත් ලංව සිතෙන් පාවෙන දෑ සමහ වෙරළේ නිරන්තරව හැපෙන්නට ගතිමි.
hither we walk thither
wandering through life in sphere
while twine with complexity wire
restless hours awake in tire
step out without mingle fear
listen
listen because
chemistry talk you should hear
chemistry talk you should hear

Saturday, May 23, 2015

වෙරලට පැමිණ
ඉදිරිය බැලු විට 
පතුල පෙනේ නම්
කොහිද එහි මායාවක්
දියට බට විට
පය බිම ගැටේ නම්
කොහිද එහි අහිරහසක්
පිහිනන කල්හි
එරෙහි රැලි නොනැගේ නම්
කොහිද එහි අභියෝගයක්

Sunday, March 15, 2015

කුඩා කල සිට පොලු පහර කා
තැලුණු ඇඟ පත ලෙයින් තෙත්වී
බක්කි පීරා කසල සොයලා
හැදුනු අත් පා බිදී වෙන්වී
පා පහර මැද ඉඳුල් කුණු මැද
වසර ගණනක දුකක් නිමවී
මහ පාර මැද ලේ විලක් මැද
කැහැටු බල්ලකු දිවි සිඳී

Monday, February 2, 2015

මාළු ලෑල්ල

මූදු වෙරළ පේන මානේ
වැලි තැවරුණු ලෑල්ල මත
මරා දමා ඇත තිදෙනෙක්
එක්කෙනෙක් රතු පාටයි
යටට යද්දී ලා පාටයි
උදේ පාන්දර එයා පරෙන් එලියට ආවේ
නැවුම් වතුර ටිකක් වදින්න.
මැද හිටියේ පැතලි කෙනෙක්
එයා හරිම ගණන් කෙනෙක්
යමින් ගමන් ගෙදර දිහා
කලින් දවසේ රෑ වැඩ කර
අන්තිමයා හරිම ලොකුයි
ඇහුන කියනවා රහයි
එයා මේ පොඩි පුතාට
ගල්කූරක් ගන්න හන්දියට ආපු ගමන්.