සඳ එලිය ඇති දිනෙක
වෙරල අසල හුදෙකලා වදුලක
අසලින් ඇවිද ගිය මට
ඇසුනි ඉකි බිඳීමක්
හා ඊට යාව සිනහවක්
වන වැදී මා සොයා බැලුවෙමි
පඳුරු මැද තනි වූ සොහොනකි
ඒ මත හිඳ මිය ගිය තරුණියකි
නමුදු හිනැහෙමින් බලා සඳ දෙස
විවර වූ සොහොන් වල තුල
වකුටු වී හඬන තරුණයෙකි
හද ගැහෙන මුත් මළ ලෙස
I am thinking all are inside the brain of humans, not because there is nothing beyond human minds because we describing everything in human way.
Monday, June 15, 2015
Sunday, June 14, 2015
වාඩි වී හුන් තැනින් නැගිට මම මදක් ඔබ්බෙන් වූ , වෙරල බොක්කක් මෙන් සකස් වූ
සෙමෙන් රැලි නැගුනු නිහඬ මුහුදු තීරය වෙත ඇවිද ගියෙමි. පිටි පසින් වුයේ
තරමක ඝන ලැහැබකි. වෙරළට බැසීමට බොරළු පස් ඇති බැවුම් බිම පසු කල යුතුය.කෙටි
අඩි අතරින් නොඋස් දුහුවිලි වලා පෙළක් සමාන්තරව පටියක් ලෙස නැගී ඇත.
මම මුහුදෙන් මදක් එසවී තිබුණු තරමක ගල් තලාවක මැද හරියට වන්නට කකුල් දියට ඔබා වාඩි වූවෙමි. නම නොදන්නා කුරුල්ලෙක් පාවී අවුත් තිබු කොටයක තවමත් මුහුදු රලින් උඩ පහත යමින් තිබුණු අන්තයේ ලැග ගත්තේය.
මම සෙමින් කැලතෙන මුහුදු රල සමග වෙරල හා හැපෙන දේ නිරීක්ෂණය කරන්නට වීමි. වේලුනු පොල් ගෙඩියක් , දිලිසෙන ටින් පියනක් , මිය ගිය මාලුවෙක් හා තවත් කුඩා කුඩා දෑ නිරන්තරව ඉහල පහල යමින් වෙරළේ ගැටෙමින් තිබුණි. ඒකතානමය ලෙසින් චලනය වෙමින් ඒවා මට ආමන්ත්‍රණය කරන සෙයකි. කාලය ගතවෙයි. රල පහර කෙමෙන් කෙමෙන් සැඩ වෙයි. ගිලෙන ඉරු එළියෙන් මුහුදු දිය අළු නිල් රතු පැහැයකට හැරුණි.
කුරුල්ලා හදිසියේ කොටයෙන් ඉපිලී ගොඩබිම දෙසට ඉගිල යන ලදී.
මා තව තවත් ලංව සිතෙන් පාවෙන දෑ සමහ වෙරළේ නිරන්තරව හැපෙන්නට ගතිමි.

Subscribe to:
Posts (Atom)