හ්ම්
සහ
ම්හ්
වගේ
සමහර
විටෙක
අපි දෙන්නා
2011.08.12
I am thinking all are inside the brain of humans, not because there is nothing beyond human minds because we describing everything in human way.
Monday, December 23, 2013
ගැහැනියක හා
පිරිමියකු
අතර
ප්‍රේම සම්බන්ධයක් ඇති වීම
දුරකථන සන්වාදයක් ඇති වීමට
සමානය.
මුලින් නිහඬ පසුබිමක
පැහැදිලිව
බීප් බීප් හඬ ඇසෙයි
ඉන් අනතුරුව
ඔබ සම්බන්ධ වන්නේ
කොතනට
කුමක් කරමින් සිටින
අයෙකුටදැයි ඔබ නොදනි.
අනතුරුව ඇසෙන්නේ,
සමහර විටෙක
කලබල කාරී
අපැහැදිලි ඝෝෂාවකි
ඉමහර විටෙක වඩා සෞම්ය
නිවුනු හඬකි.
2011.08.12
පිරිමියකු
අතර
ප්‍රේම සම්බන්ධයක් ඇති වීම
දුරකථන සන්වාදයක් ඇති වීමට
සමානය.
මුලින් නිහඬ පසුබිමක
පැහැදිලිව
බීප් බීප් හඬ ඇසෙයි
ඉන් අනතුරුව
ඔබ සම්බන්ධ වන්නේ
කොතනට
කුමක් කරමින් සිටින
අයෙකුටදැයි ඔබ නොදනි.
අනතුරුව ඇසෙන්නේ,
සමහර විටෙක
කලබල කාරී
අපැහැදිලි ඝෝෂාවකි
ඉමහර විටෙක වඩා සෞම්ය
නිවුනු හඬකි.
2011.08.12
දොර
ඇතුලේ සිටින්නන්
අගුලු ලා ඇතැයි සිතන
පිටත සිටින්නන්
අගුලු ලා ඇතැයි සිතන
සැබවින්ම අගුලු නොදැමූ
හුදු විශ්වාසයේ ප්‍රතිමූර්තිය ,
දොර .
2012.08.12
අගුලු ලා ඇතැයි සිතන
පිටත සිටින්නන්
අගුලු ලා ඇතැයි සිතන
සැබවින්ම අගුලු නොදැමූ
හුදු විශ්වාසයේ ප්‍රතිමූර්තිය ,
දොර .
2012.08.12
කෙනෙක් ......
කෙනෙක් ......
කොහේ ගියත් ළඟ ඉන්නවා වගේ දැනෙන
කෙනෙක් .
මොනව කරත් හිතට එන
ඇවිල්ල අවවාද කරන
මගේ හිතත් එක්ක තර්ක කරන
ආදරෙන් බනින
කෙනෙක් .
පරණ උනත් වයින් වගේ රස වෙන
කාලය - x , ආකර්ෂණය - y විට
+ m ඇති y = mx වගේ
y = mx + c නොවුන මගේ හිතට
දැනුන
කෙනෙක්.
කෙනෙක් ..
ඔව් , අන්න එහෙම
කෙනෙක් .
හරිය .
2012.08.12
කොහේ ගියත් ළඟ ඉන්නවා වගේ දැනෙන
කෙනෙක් .
මොනව කරත් හිතට එන
ඇවිල්ල අවවාද කරන
මගේ හිතත් එක්ක තර්ක කරන
ආදරෙන් බනින
කෙනෙක් .
පරණ උනත් වයින් වගේ රස වෙන
කාලය - x , ආකර්ෂණය - y විට
+ m ඇති y = mx වගේ
y = mx + c නොවුන මගේ හිතට
දැනුන
කෙනෙක්.
කෙනෙක් ..
ඔව් , අන්න එහෙම
කෙනෙක් .
හරිය .
2012.08.12
Monday, November 25, 2013
මතකය
දෙනියේ ඝනට වැවුන,
ලොකු වටකුරු කොළ වල,
සුවඳ දැනෙනා විට ,
මා මතකයේ ,
නුඹේ සුවඳ හමයි .
ඇවිදින දෙපා වලට ,
කැලතෙන දිය කඩිති වල ,
ඔබේ රුව ඇදී ,
කැඩී බිදී යයි .
රබර් යායේ ,
ඈත කෙලවරකින් ඇසුන ,
නරියකුගේ හඬ ....
හෙමින් දෝංකාර දී නැති වන විට ,
මාද ....
කෙමෙන් හීනි වී සුනු විසුනු වී යයි.
ලොකු වටකුරු කොළ වල,
සුවඳ දැනෙනා විට ,
මා මතකයේ ,
නුඹේ සුවඳ හමයි .
ඇවිදින දෙපා වලට ,
කැලතෙන දිය කඩිති වල ,
ඔබේ රුව ඇදී ,
කැඩී බිදී යයි .
රබර් යායේ ,
ඈත කෙලවරකින් ඇසුන ,
නරියකුගේ හඬ ....
හෙමින් දෝංකාර දී නැති වන විට ,
මාද ....
කෙමෙන් හීනි වී සුනු විසුනු වී යයි.
Saturday, November 23, 2013
අලුත් වැස්ස
කලක් උඩුගම් බලා ගලාගිය ,
ලවන ජලයෙන් ඉවුරු වැනසුන ,
මුහුදු කරදිය ගඟක් විෂ කල ,
මහා වැස්සෙන් පිරී ඉතිරී ,
යලිත් පහලට ගලනවා .
පිළිස්සුනු පැල ,
වැසුණු දෙඉවුරද ,
පලා පැහැ දළු වලින් වැසිලා ,
ගඟම සුවපත් කරනවා .
සිසිල් පිරිසිදු ගලන දිය මත ,
පනින ඔබ මොබ ,
මසුන් අසිරිය ගෙනෙනවා .
ලවන ජලයෙන් ඉවුරු වැනසුන ,
මුහුදු කරදිය ගඟක් විෂ කල ,
මහා වැස්සෙන් පිරී ඉතිරී ,
යලිත් පහලට ගලනවා .
පිළිස්සුනු පැල ,
වැසුණු දෙඉවුරද ,
පලා පැහැ දළු වලින් වැසිලා ,
ගඟම සුවපත් කරනවා .
සිසිල් පිරිසිදු ගලන දිය මත ,
පනින ඔබ මොබ ,
මසුන් අසිරිය ගෙනෙනවා .
Friday, October 18, 2013
Sunday, August 25, 2013
Monday, June 24, 2013
බලා හිඳීම
දැඩි කුනාටු හමන විට - යෝද රල නුඹ පෙරලා දමන විට
ඈත අනන්තයේ පහන් කනුව සොයන්න
සයුර රළු වුවත් කෙතරම් - පහන් කනුව තුල උණුසුම්ය වියලිය
නුඹ වෙනුවෙන් මා දැල්වූ එලිය දිගේ එන්න
පාමුල , රැලි සුළන් මැද , මා දියඹ දෙස බලා හිඳිමි
ඈත අනන්තයේ පහන් කනුව සොයන්න
සයුර රළු වුවත් කෙතරම් - පහන් කනුව තුල උණුසුම්ය වියලිය
නුඹ වෙනුවෙන් මා දැල්වූ එලිය දිගේ එන්න
පාමුල , රැලි සුළන් මැද , මා දියඹ දෙස බලා හිඳිමි
පණ්ඩිත කම
කෝ ඒ කවිය ,
අවසන් වරට නුබ අතේ ,
දුටුවෙමි මම එය.
හා .. මම එය කියවූවා ,
කියවා විසි කරා .
එතරම් අනගි වෙහෙසක් ,
නුබ විසිකරා .. කොතනටද ?
අඳුරට ,
මම විසි කරා අඳුරට .
අඳුරට ?
මම එය සොයා ගන්නම් .
එපා ..
නුඹ එය කියවූවා ,
එලිය නැත්තවුන් ගෙන එය වැසුනාවේ ,
එලිය ඇති අය එය සොයා කියවාවී ,
එතෙක් එය අඳුරේ තිබුනාවේ.
Friday, June 21, 2013
පරාජය
අතු පතර විහිදුන
සුවිසල් ගසක් ,
උදුරා දැමුණි
මද පවනක් .
කෙටි පොද වැස්සක් ,
ලෙස්සා දැමුණි මහ කන්දක් .
වෙරළේ හැපෙන සුමුදු රළක් ,
දෙපලු කරා ගල් කුලක් .
වෙහෙස දරා
අපමණ දුක් විඳ
ලොවම කැප කර
ලෙයින් පිදු ආලයක්
පැරදුවා
මොහොතක රාගයක්
Friday, May 24, 2013
රහස ........
කුඩා කල පටන්
රවුම් ඇස් ලොකු කරන්
හැම විටම දැඩි අවදානයෙන්
උන්නා බල්ලෙක් ගෙදරක ඇති කරන්
කළුවර දිහා ඌ බලයි
හෙවනැලි වැනෙන විට හිස ඔසවයි
නැවුණු කන් ඉහලට එසවෙයි
නමුත් ඌ නිහඬයි
ගෙදරට ආවත් කිසිවෙක්
දුටුවත් අහල පහල බල්ලෙක්
කෑවත් කෑම වෙන පූසෙක්
නැහැ මුගේ හැලහොල්මනක්
නිවැසියා නොසලකුවා
දිනෙන් දින කෘෂ උනා
වාසියක් නැති නිසා
ගෙදරිනුත් පැන්නුවා
කිසිවෙකුත් නොදත් මුත්
කිසිවෙකුත් නොසිතු මුත්
සුනකයා ගොලුවෙක්
දැන උන් තමන් පමණක්
Wednesday, May 15, 2013
මල සිරුර
ගඟ ඉවුර අසබඩ - ඝනට පන් වැවුණු
නිසල සිරුරකි - ඔහු - දරදඬුව අත් පා මිදුණු
හකුලා දැඩිව වමතින් - දිගු කෙස් රොදකි නොපෙනු
හිමිකරු කවුරු - රැස් කා උන් අය නොදැනු
ග්‍රහණය තදයි - මිටි කල අත තුල සැඟවූ
කෙස් රොද රහස - නොදනීති කිසිවෙක් පැවසු
මලගිය සිරුර - දහසක් දුක් මත පැටලු
දෙවියන් දනිත් - ඈ - දෑසකි , කෙදිනක හෝ නොතෙමූ ...
ප්‍රභාත් මාධව
Wednesday, May 1, 2013
පිළිස්සෙමින් උන් මිනිසා
මා දුටුවෙමි
ගිනි දැල් අතරින්
මදකට විවර වූ දෑස් පියන්
ක්ෂණයෙන් කියවුවෙමි
තද රශ්මිය මැද වුව ,
තෙත් වූ දෙනෙත්.
වඩා තද දැල්ලක්
දැවෙමින් ඇතුලතින්
තව මොහොතකින් ...
නුඹ නිදහස්.
ගිනි දැල් අතරින්
මදකට විවර වූ දෑස් පියන්
ක්ෂණයෙන් කියවුවෙමි
තද රශ්මිය මැද වුව ,
තෙත් වූ දෙනෙත්.
වඩා තද දැල්ලක්
දැවෙමින් ඇතුලතින්
තව මොහොතකින් ...
නුඹ නිදහස්.
මියගිය දැරිය
අඳුරේ සිටින විට ,
මද එළියෙන්
ඇස කොනින්
දුටුවෙමි කුඩා දැරියක්
බලා සිටිනු මා දෙස පසෙකින්
නිහඬයි ..
සීතලයි ..
සුළන් හමයි .
එන්න මා වෙත
එක එල්ලේ බලා
අල්ලා ගන්න මා අත ..
අපට යාමට මහ දුරක් ඇත .
මද එළියෙන්
ඇස කොනින්
දුටුවෙමි කුඩා දැරියක්
බලා සිටිනු මා දෙස පසෙකින්
නිහඬයි ..
සීතලයි ..
සුළන් හමයි .
එන්න මා වෙත
එක එල්ලේ බලා
අල්ලා ගන්න මා අත ..
අපට යාමට මහ දුරක් ඇත .
Friday, February 22, 2013
අඳුරටද පැතිරීමට හැකිය
හිරු උදාවී බැස ගියේය. තරමක් උණුසුම් ග්‍රීස්ම ඍතුව උදා විය. කලකට පසු මහ වැසි ඇද හැළුණි. කුරුල්ලෝ ගී කියන, ගහකොළ මලින් බර වුණ වසන්තය උදා විය. රත් පැහැ හාත්පස මවාලු සරත් ඍතුව ඉන් පසු උදා විය. වීදි වල රතු මේපල් කොළ වැටී තිබුණි. යලිත් කලකින් දිප්තිමත් කොල පැහැ මේපල් කොළ ගස් වල සුළඟට ලෙල දුනි. කල් ගතවෙයි....... බැදීම් ශක්තිමත් කරමින් කල් ගතවෙයි...... නමුත් අපේ මනසට නොපෙනෙන දේද ඇත. කාලයේ බලපෑමට යටත් නොවුණු, තේරුම් ගත නොහැකි, තේරුම් නොගත් දේද ඇත. ඒවා කාලයත් සමඟ යටපත් වූවේද, කාලයත් සමඟ පරණ වී වියැකී ගියේද, කවුරුත් දැන සිටියේ නැත. ආලෝකය ඇති විට සියල්ල පෙනේ යයි අපි සිතමු. අඳුර ඇති විට, අඳුර තුළ කුමක් සිදුවේද කුමක් සිදු නොවේද, කිසිවෙකු දන්නේ නැත. ආලෝකය ලොව පුරා පැතිර යයි. අඳුරද එසේමය. එය එක් තැනකට සීමාවී පවතී යයි කිව නොහැක. ආලෝකය හා අඳුර කාලයට අයත් වන දේ නොවෙයි. ඔව්..... අඳුරටද පැතිරීමට හැකිය. එහි නිම්වළලු ඇත්තේ කොහිද?
ප්‍රභාත් මාධව විරසිංහ
Monday, February 18, 2013
නුඹ වෙනුවෙන් මම රකින නුඹ නොදකින නුඹේ හීනය
හැමදාම රෑට නිදා ගන්න කලින්
පත්තු කරනවා මම ඉටිපන්දමක්
සම්පූර්ණෙන් කළුවර උනාම
පෙන්නවනේ මට පරණ හීන
එත් උදේ වෙලා දකිනකොට
නිවිලානේ ඉටිපන්දම මැදින්
හුළඟක් නැති
කාටවත් එන්න බැරි
අගුලු දැමු කාමරේ
වෙනවනේ මෙහෙම වැඩක්
හිතාගන්න බැරි
ඕනේ උනත් නවත්වන්න
කවුරු ඉතින් නවත්තන්නේ
දවසක් රෑ අත පිච්චිලා
ඇහැරුනා මම ගැස්සිලා
හොර ගමනක් ආ මම හොරා
අහුඋනා නේ මටම එදා
පත්තු කරනවා මම ඉටිපන්දමක්
සම්පූර්ණෙන් කළුවර උනාම
පෙන්නවනේ මට පරණ හීන
එත් උදේ වෙලා දකිනකොට
නිවිලානේ ඉටිපන්දම මැදින්
හුළඟක් නැති
කාටවත් එන්න බැරි
අගුලු දැමු කාමරේ
වෙනවනේ මෙහෙම වැඩක්
හිතාගන්න බැරි
ඕනේ උනත් නවත්වන්න
කවුරු ඉතින් නවත්තන්නේ
දවසක් රෑ අත පිච්චිලා
ඇහැරුනා මම ගැස්සිලා
හොර ගමනක් ආ මම හොරා
අහුඋනා නේ මටම එදා
ප්‍රභාත් මාධව වීරසිංහ
Wednesday, February 6, 2013
මහ හඬ නගන වැහි දැඩි ලෙස ඇද වැටුනා
මධ්‍යම රාත්‍රියේ තනි මම ගෙදර බලා
යන විට පසු කරමින් ආසන්න නගරයක්
දුටුවා රථය ඉදිරියට පැමිනි ගැහැනියක්
වඩා හුන් දරුවගේ දෑස මැනවින් මට පෙනුනී
පෙර යම් දෙයක් සිහි වී මම නොනැවතුනී
පොඩි පැටියගේ අවිහින්සක ඒ බැල්ම
සිහිවී සිටිය නොනිදා මම මුලු රෑම
වැසි නැත නැවතුනේ වෙනකන් පසුදාම
අනේ මගේ සිතට වින කල මෝහිනී
පසුදා යලිත් හිමිදිරියේ පෙරලෙසම
යන්නෙමි රථයෙ නැගිලා මම එතනින්ම
අනේ දෙවියනේ මා කල දේ අරුම
දරුවා සමග ගැහැනිය ඇත තව එතැන
පැටියා නිදා ඇත අම්මා උර මතම
අම්මා සිටී හිටගෙන නැත කිසි සහන
ගහපිය අකුනු ගුගුරා මුලු අහස පුරා
හැම වලාකුලකම ඇති බලය දරා
කැටි කර සියලු එක අකුනක් දැඩිව තනා
මගෙ පපු කැවුතු විසි වෙන්නට දසත පුරා
ප්‍රභාත් මාධව වීරසිංහ
බිරිය සමග තරහා වී / සුලඟ
නුඹ එන විට
සිසිල් රැයේ
පසු කරගෙන වතුසුදු ගස
හිමින් හිමින් රැගෙන එනව
සුමුදු සුවඳ දවටාගෙන
රඳවලා මා හඳ තුල
ඒ සුවඳත් නොමැකෙනලෙස
පිසදමන්න
බැඳුනු දුහුල්
වදයක් වූ මගේ සිතට
එහෙම කරන්න බැරි නම්
පෙරලාගෙන කොහොඹ ගසත්
සිලි සිලිගා නිතරහඬන
බිම වට්ටා ඇහැල ගසත්
මිදුල නිතර කිලුටු කරන
විසි කරමින් වටු කූඩුව
වනසවමින් කුරුලු පවුල
හමා යන්න
හමා යන්න
මාත් සමඟ දුර ඈතට
ප්‍රභාත් මාධව වීරසිංහ
කොට්ටේ
මම දවල්ට හිතේ තදකරන් ඉන්න දේවල්
රෑට නින්දෙන් මුමුනනවාලු
මගේ අවංක සිත ගැන පැහැදිලා
කොට්ටෙට මම ගැන ආදරයක් ඇති වෙලාලු
ඉතින් මම ගැන ඔච්චර දන්නා උඹ
මට වෙන කෙනෙක් ගැන හිතන්න බැරි බවත් දන්නවානේ ...
ප්‍රභාත් මාධව වීරසිංහ
ඈතින්
මුහුදේ රළ බිඳෙන හඬ ඇසේ
මා අසලිත් නික්මෙන
ඔබේ සුසුම් හඬද ඇසේ
වඩාත් ප්‍රභලව ඇසෙන්නේ
ඔබේ සුසුමන්ද ?
නැතහොත් .........
රළ බිඳෙන රාවයද ?
අනේ .........
මට සිතන්නට ඉඩ දෙන්න
හොඳින්ම ඇසෙන්නේ
රළ බිඳෙන හඬයි
නමුත් ඈතින් නොවේ
මා අසලිනි
ඔබේ හද තුලිනි
සුසුම් හඬද ඇසේ
ඒ ඈතිනි
සමහරවිට
සුසුම් හෙලීමට
රළ බිඳෙන
මුහුදෙන් විය හැක.......
ප්‍රභාත් මාධව වීරසිංහ
රාජාලියා නික්මීම
උස් කඳු අඳුරු වලාවන්ගෙන් වැසී ඇත
ලපටි පඳුරු
සුළිඟින් කැඩී බිඳී විසිරෙයි
නිම්න භූමිය වැසී ඇත
මායාකාරි අඳුරෙන්.....
උස් තුරු අඳුරු සෙවනැළි මෙන්
වැනෙයි දෙපසට
නිම්නයේ ආලෝකය බඳු
රාජාලියා පියඹා ගොසිනි
කැදැල්ලට ගොස්ද
ලපටි පඳුරු
සුළිඟින් කැඩී බිඳී විසිරෙයි
නිම්න භූමිය වැසී ඇත
මායාකාරි අඳුරෙන්.....
උස් තුරු අඳුරු සෙවනැළි මෙන්
වැනෙයි දෙපසට
නිම්නයේ ආලෝකය බඳු
රාජාලියා පියඹා ගොසිනි
කැදැල්ලට ගොස්ද
නැත ඌ හැරදා ගොස්ය
නිම්නය.... එබැවින්
රාජාලියාගේ වැළළුනු මතකය
සදාදර නිම්න භූමිය
සදාකල්හිම
අඳුරේ හෙලනු ඇත
නිම්නය.... එබැවින්
රාජාලියාගේ වැළළුනු මතකය
සදාදර නිම්න භූමිය
සදාකල්හිම
අඳුරේ හෙලනු ඇත
ප්‍රභාත් මාධව වීරසිංහ
පුංචි පුංචි තරු අහසේ
දිලිසුනාට ළගින් ළගින්
කොතරම් දුර ඈතක් දෝ
ඇත්තේ නුඹලා අතරේ
දන්නවාද තාරකාව
මිනිස් ලොවෙත්
නුඹ වැනි උන්
වැලි කැට තරමට ඇත්තේ
ඔබ වාගේ නොදිලුනාට
හුරුබුහුටිව නොපෙනුනාට
නුඹත් මමත්
අතර දුරක්
තිඛෙනවාය උන් අතරත්
අත් බැඳගෙන සිනාසුනත්
ලොවේ එකට කල්ඇරියත්
නුඹත් මමත්
අතර දුරක්
තිඛෙනවාය උන් අතරත්
දිලිසුනාට ළගින් ළගින්
කොතරම් දුර ඈතක් දෝ
ඇත්තේ නුඹලා අතරේ
දන්නවාද තාරකාව
මිනිස් ලොවෙත්
නුඹ වැනි උන්
වැලි කැට තරමට ඇත්තේ
ඔබ වාගේ නොදිලුනාට
හුරුබුහුටිව නොපෙනුනාට
නුඹත් මමත්
අතර දුරක්
තිඛෙනවාය උන් අතරත්
අත් බැඳගෙන සිනාසුනත්
ලොවේ එකට කල්ඇරියත්
නුඹත් මමත්
අතර දුරක්
තිඛෙනවාය උන් අතරත්
ප්‍රභාත් මාධව වීරසිංහ
සීතල රාත්‍රියක
මහ සයුර මැද
ඉහලින් අකුනු විදුලි
මහ හඬ දෙත්දී
සයුරු තලය
වියරුව කැලඹෙත්දී
ගැඹුරුම ගැඹුරු
ආගාධයක
ආලෝකය කෙදිනකවත් නොදුටු
අඳුරුම අඳුරු
ආගාධයක
ගල්පර මධ්‍යයේ
පැරණි නෞකාවක
දිරාගිය සුන්බුන් ............
ඈත දිනයක
සාඩම්බර ලීලාවෙන්
දීප්තිමත් අහස යට
ඔද වැඩී යාත්‍රා කල ,
දැන් ............
සීතලම සීතල
අඳුරු පතුලක
පාසි හා ගල්කුළු අතර
සැඟවී ගිය
නෞකාවක
සුන්බුන්
කුනාටුව නිසා
කැලතුනු අති විශාල
සාගර ජල කඳ නිසා
මදින් මද
සෙලවෙන්නට විය
නමුත් ...........
යාන්තමට
ඉතාමත් සෙමින්
ප්‍රභාත් මාධව විරසිංහ
මා පිබිදුනෙම්
යක්ෂයිනි පිසාචයිනි භූතයිනි
නැගිටිව්
මා පිබිදුනෙම්
නුඔලාගේ පියානන් වන මා
පිබිදුනෙම්
මිතුරණි වැඩ අරඹව්
නැගිටිව්
මා පිබිදුනෙම්
නුඔලාගේ පියානන් වන මා
පිබිදුනෙම්
මිතුරණි වැඩ අරඹව්
රක්තවර්ණ රුධිර ධාරා
විනිවිද දකිනු මිනිස් සිරුරින්
බියෙන් ගැහෙන හදවත්
ඉවතට ගනු ආහාරයට
සවනට මිහිරි විලාපය
නෑසුනා නොවෙද කලකින්
විනිවිද දකිනු මිනිස් සිරුරින්
බියෙන් ගැහෙන හදවත්
ඉවතට ගනු ආහාරයට
සවනට මිහිරි විලාපය
නෑසුනා නොවෙද කලකින්
පිබිදෙනු පිබිදෙනු
මේ අපගේ සෘතුවයි
කොල හැළුනු හැකිළුනු
අතු අතරින්
ගුප්ත සුලං හඬ ඇසෙනා
අපගේ වසන්තයයි
මේ අපගේ සෘතුවයි
කොල හැළුනු හැකිළුනු
අතු අතරින්
ගුප්ත සුලං හඬ ඇසෙනා
අපගේ වසන්තයයි
සැරසියව් සැරසියව්
බිලිගැනීමට
මා සමගින්...
බිලිගැනීමට
මා සමගින්...
ප්‍රභාත් මාධව විරසිංහ
අඳූරු සෙවනැලි තුලින්
හමා ඵන සුවඳ මා හඳූනමි
ඝන අන්දකාරයේ වුවද
මං මුලා නොවෙමි
වන මෘගයෝ මාගේ මිතුරෝය
දිලිසෙන දෑස් ඇති දිවි දෙන,
මා හඳුනයි
වල් වැදුනු සුනඛයෝ
මාගේ ඉව දනිති
මේ වනය මාහට
රැයෙත් දහවලෙත්
එකම අයුරින්
සලකයි
මේ මාගේ අඩවියයි
මාගේ බලය විහිදුන ඉසව්වයි
ඉදින් නිල් නුවන් ඇති
සියුමැලි තරුණියේ,
නුඹ...
කුමට බිය වී සැලෙන්නේද?
ප්‍රභාත් මාධව විරසිංහ
සොඳුරිය
මම සිත් සේ ක්‍රීඩා කරමි¡
වනසමි බිඳ දමමි
සියලූම බැඳීම්
ලෝක වාසීන්
එකිනෙකා සමග ඇතිකර ගත්
ඉතා කුඩා හිතවත් කමක් වුවත්
නමුත් .......
කිසිවෙකුත් නොහඟින ලෙසින්¡
නුඹේ දසුන
මේ ලොවින් මකා දැමීමට දායක වූ
ස්වභාව ධර්මයන්
මම විනාශ කරමි¡
වනසමි බිඳ දමමි
සියලූම බැඳීම්
ලෝක වාසීන්
එකිනෙකා සමග ඇතිකර ගත්
ඉතා කුඩා හිතවත් කමක් වුවත්
නමුත් .......
කිසිවෙකුත් නොහඟින ලෙසින්¡
නුඹේ දසුන
මේ ලොවින් මකා දැමීමට දායක වූ
ස්වභාව ධර්මයන්
මම විනාශ කරමි¡
නුඹේ සොහොන දකින
වාරයක් වාරයක් පාසා
මගේ ආත්මය දවනා
ගින්නෙන්
මා මුළු ලොවම
ගිනි බත් කරමි
නුඹේ මරණය
මා දෙසවනට ගෙන ආ
මේ වාතලය,
කර්කශ වියලි
දුමාරයක් කරමි.
සියළුම බැදීම්
මිහිදන් කරවමි !
පලි ගනිමි
බිලි ගනිමි
නුඹේ මරණයට
මා
ලොවෙන් පලි ගනිමි
නමුත් .....
කිසිවෙකුත් නොහඟින ලෙසින්
ප්‍රභාත් මාධව විරසිංහ
Tuesday, February 5, 2013
සමාන්තර සිතිවිලි
සැඳෑ අහසේ
ඈතම ඈත
ක්ෂිතිජයේ
ඉතා කුඩාවට
වවුලෙකුගේ රුවක් මතු විය
ඌ පියාපත් සලන අයුරු
දැනීමෙන් මා හඳුනා ගතිමි
සෙමෙන් සෙමෙන්
ඌ ලං වෙයි
මා අවට ගත වන කාලයත්
ඌ අවට ගත වන කාලයත්
අසමාන යැයි
මට හැඟුනි
මාර ගසේ කොල
තව තවත් හැකිලෙත්දී
ඌ මා හිසට ඉහලින්
අහසේ,
පියඹා ගියේය¡
ඈතම ඈත සිටි වවුලා
මේ දැන්
මා ඉහලින් පියඹා
මට බොහෝ ඈතින්
වෙනත් අන්තයක සිට
ක්ෂිතිජය දෙස
බලා හිඳින්නෙකු වෙත
සෙමෙන් සෙමෙන්
ඇදී යන්නට විය
රාජාලියා මිය ගිහින්.......?
නිම්නය පෙනෙයි පියා නොගැසීමෙන් නමුත් බොහෝ සෙයින්
නමුත් හිරු රැස් ඔහු ඇද වැටුනි උනුසුම්ය
චන්ඩය නිම්නයට ඔබ්බ්ඛෙන් වූ ඒ චන්ඩ හිරු රැස්
එබැවින් දුෂ්කරය ප්‍රපාතයට නිසා නම් නොවේ.....
ගමන
එහෙත් නොනිමි සුදු පැහැ පෙඳ
ආදරය තෙත් වුනි
බලය සපයයි ලෙයින්.....
පියාපත් වලට බිඳුනු අත්තටු
කෙමෙන් කෙමෙන් මත රැඳුනු
රාජාලියා නිම්නයේ පිහාටු
උස් මුදුනට සුලඟින් ඈතට
ලංවුනි.... පාව ගියේය
තියුනු දෑසින්
නොසිතූ පරිදි, නික්මුනු කඳුලක්
සොඳුරු නිම්නයේ ආගාධය පතුල
පලවා හැරීමෙන් සිපගති
කම්පනයට පත් එය නිම්නයේ
රාජාලියා කඳුරේ,
එක්විටම නැවතුනි ගල් මත සුදු පෙන
අහසේම.. නංවන දිය බිඳක්මය
ප්‍රභාත් මාධව වීරසිංහ විසින් 2005 දී
ප්‍රේමවන්තිය
මට නුඹ මරා දැමීම අවැසිය.
මා නුඹට වෛර නොකරමි
මා නුඹට ද්වේශ නොකරමි
ඊර්ශ්‍යා නොකරමි
මා නුඹට ආදරය කරමි.
සොඳුරිය ¡.......
නුඹ සමග කිසිවෙකු දොඩමළු වීම
මම නොරුස්සමි.
ඒ පිරිමියක ගැහැනියක වුවත්
නුඹ දෙස කිසිවකු
නෙත් හෙලීම පවා
මගේ සිත කුප්පාලයි.
ඉදින් ........
මා නුඹ ආරක්ෂා කරන්නේ කෙසේද......?
යකඩ කුටියක දමා තබන්නද ,
හුදෙකලා දූවකට
ගෙන ගොස් තබන්නද,
මා හට අන් විකල්පයක් නැත
ඔබගේ දෙනෙත් පියවීම හැරුනු කොට
මගේ ඕනෑනකම
නුඹේ ආත්මය
මගේ ශරීරයේ
නිදන් ගත කිරීමයි.
ඉදින් දයාබර සොඳුරියේ .......
කවුරුන් කෙසේ කීවත්
මා නුඹ මරා දැම්මේ.........
උතුරා ගලා යන ආදරය නිසා
පමණක් බව, ඔබ පිළිගන්නවා නේද ?
ප්‍රභාත් මාධව වීරසිංහ 2008 දී
Monday, February 4, 2013
විශාල නිල් අහස දෙස බලත්දීත්
ඈතම ඈත නොපෙනෙන ඈත බලත්දීත්
මට ඔබව දැනෙයි
ඔබේ ගත පිබිදෙන අයුරු
මට දැනෙයි
ඈතම ඈත නොපෙනෙන ඈත බලත්දීත්
මට ඔබව දැනෙයි
ඔබේ ගත පිබිදෙන අයුරු
මට දැනෙයි
නුඹේ සිතට දැනෙන සෝදුක් හැඟුම්
මගේ සිත තුල නුහුරු කම්පන ඇති කරයි
මා ඔබ වෙත
ඔබ මා වෙත
මදින් මද ලං වෙයි
ඈතම ඈත සිට
හද ගැහෙන හඬ ඇසෙන මානය තෙක්
ලං වෙයි
දිනෙන් දින
දෙපසට තබන පියවර මගින් වුවත්
දෙමගක දිව යන දිවිමං ඇතිව වුවත්
දෙතැනක යන අදහස් දැරුවා වුවත්
එකම මගක
සුවඳැති මල් ඇතිරෑ මඟක
පවනේ පාව අත්වැල් බැඳන් යන
දිනය ලං වෙයි
ප්‍රභාත් මාධව වීරසිංහ
ඔබ නොදැන ඔබ තුලම
මිය ගිය අයෙකු ලියන ලද
පැරණි ලියවිල්ලක් ඔබ කියවා ඇත්ද
ඔහු දක්ෂයෙක් නම්
සොඳුරු මිනිසෙක් නම්
ඔහු මියගොස් ඇත්දැයි
ඔබට සැක සිතෙනු ඇත
සැබවින්ම ඔබ නිවැරදිය
ඔහු ඔබගේ මනසේ
මොහොතක්………
සමහරවිට වැඩි වේලාවක්
ලියවිල්ල ලියන විට ඔහු සිතූ දේ
ඔහුගේ මනසේ ඇති වූ තත්වයන්
ඔබගේ මනසේ ඇතිවන තාක්
ඔහු ජිවත් වේ
ඔබේ ශරීරයේ
ඔහුගේ සිත ජිවත් වේ………
එය ඇදහිය නොහැකි නමුත්
දෙවියන් හා යක්ෂයින්ද
දිවිගෙවන්නේ එලෙසින්ය
මාද කිසි දිනෙක මිය නොයමි………
මාගේ සිතිවිලි
මාගේ ලියවිලි මගින්
ඔබට දැනෙන විට
වචන අතර රැඳුනු හැඟීම
ඔබට දැනෙන විට
වරින් වර
වරින් වර
සදාකාලයටම……
මමද ඔබත් සමග
ඔබගේ සිත තුල
දිවිගෙවමි
ඔබ නොදැන
ඔබ තුලම……
ප්‍රභාත් මාධව වීරසිංහ
රාජාලියා හා නිම්න භූමිය
නිම්නයේ තම කැදැල්ලේ සිට
හිමිදිරියේ රාජාලි පියාපත්
සැලෙයි......
ජල කඳූරේ සිහිලද විඳ,
ඔහු යයි පියාඹා
ඉහල ගසෙක මුදූනට
යොමා තම නෙත්
සිසාරා නිම්නයේ
අණසක පැතිරවීමට
නද දෙයි
මහ හඬින්........
නිම්න භූමිය දසත
නිහඬ බවින් වෙලී ඇත
රාජාලි පියාපත් නගන
නාදය.......
නිහැඬියාව තුලින්
නඟන
නිම්නයේ තම කැදැල්ලේ සිට
හිමිදිරියේ රාජාලි පියාපත්
සැලෙයි......
ජල කඳූරේ සිහිලද විඳ,
ඔහු යයි පියාඹා
ඉහල ගසෙක මුදූනට
යොමා තම නෙත්
සිසාරා නිම්නයේ
අණසක පැතිරවීමට
නද දෙයි
මහ හඬින්........
නිම්න භූමිය දසත
නිහඬ බවින් වෙලී ඇත
රාජාලි පියාපත් නගන
නාදය.......
නිහැඬියාව තුලින්
නඟන
ගුප්ත හඬ.....
නිම්නයේ ඉහල වැදී
දෝංකාර දෙයි
වියරු සිනහ හඬක්....... සේ
කුසට අහරක් සොයා
තුරු වදුලූ පීරමින්
විමසිලිමත් නෙතින්
සැරිසරයි.........
නිම්නයේ තණ අතර
තිබෙනා රස අහර
බුදින්නට වරම් නැති
ශෝකයෙන් .......
නිම්නයේ ඉහල වැදී
දෝංකාර දෙයි
වියරු සිනහ හඬක්....... සේ
කුසට අහරක් සොයා
තුරු වදුලූ පීරමින්
විමසිලිමත් නෙතින්
සැරිසරයි.........
නිම්නයේ තණ අතර
තිබෙනා රස අහර
බුදින්නට වරම් නැති
ශෝකයෙන් .......
ඉහල සිට
නෙත් හෙලයි
කුසගිනි වූ රාජාලියා
මතුව ශාකා විටප අතරින්
විශාල දිගු පියා විදා
රාජාලියා
පියඹා යයි ඉහලට
උඩුගුවනට පිවිස
නිදහස් සුව විඳිමින්
පාව යයි සැහැල්ලූවෙන්
විටෙක සියුම් රේඛාවක් ලෙසද
විටෙක තුරු හිස් අතරින් නොපෙනී
යනු
මනහර දසුනකි
නිම්න භූමියට
නෙත් හෙලයි
කුසගිනි වූ රාජාලියා
මතුව ශාකා විටප අතරින්
විශාල දිගු පියා විදා
රාජාලියා
පියඹා යයි ඉහලට
උඩුගුවනට පිවිස
නිදහස් සුව විඳිමින්
පාව යයි සැහැල්ලූවෙන්
විටෙක සියුම් රේඛාවක් ලෙසද
විටෙක තුරු හිස් අතරින් නොපෙනී
යනු
මනහර දසුනකි
නිම්න භූමියට
නිම්න භූමිය
සඳ රුසින් ආලෝකමත් වූ
විටදී
ගස් වැල් පවා මුනිවත රකිත්දී
දිය කඳූරද නිසල වුනු
අවස්ථාවක
නිහඬතාවය බිඳිමින්
රාජාලි පියාපත්
නඳදෙන හඬ
කෙතරම් ගුප්තජනක හැඟමකින්
සිත පුබුදූවාලීද ?
මුමුනනා ජල කඳූරත්
විශාල තුරු පියසිත්
ශෝභමාන නිම්න භූමියත්
ආදරණීය රාජාලියාත්
එක්ව මවනා සොඳුරු
සිත්තම.....
සදාකල් රැඳෙනු
ඇත
මතකයේ..........
ප්‍රභාත් මාධව වීරසිංහ විසින් 2002 දී
Subscribe to:
Posts (Atom)

















