Wednesday, May 15, 2013

මල සිරුර



ගඟ ඉවුර අසබඩ - ඝනට පන් වැවුණු
නිසල සිරුරකි - ඔහු - දරදඬුව අත් පා මිදුණු
හකුලා දැඩිව වමතින් - දිගු කෙස් රොදකි නොපෙනු
හිමිකරු කවුරු - රැස් කා උන් අය නොදැනු

ග්‍රහණය තදයි - මිටි කල අත තුල සැඟවූ
කෙස් රොද රහස - නොදනීති කිසිවෙක් පැවසු
මලගිය සිරුර - දහසක් දුක් මත පැටලු
දෙවියන් දනිත් - ඈ - දෑසකි , කෙදිනක හෝ නොතෙමූ ...

ප්‍රභාත් මාධව

No comments: