ගැහැනියක හා
පිරිමියකු
අතර
ප්‍රේම සම්බන්ධයක් ඇති වීම
දුරකථන සන්වාදයක් ඇති වීමට
සමානය.
මුලින් නිහඬ පසුබිමක
පැහැදිලිව
බීප් බීප් හඬ ඇසෙයි
ඉන් අනතුරුව
ඔබ සම්බන්ධ වන්නේ
කොතනට
කුමක් කරමින් සිටින
අයෙකුටදැයි ඔබ නොදනි.
අනතුරුව ඇසෙන්නේ,
සමහර විටෙක
කලබල කාරී
අපැහැදිලි ඝෝෂාවකි
ඉමහර විටෙක වඩා සෞම්ය
නිවුනු හඬකි.
2011.08.12
No comments:
Post a Comment