Monday, December 23, 2013

කෙනෙක් ......

කෙනෙක් ......
කොහේ ගියත් ළඟ ඉන්නවා වගේ දැනෙන
කෙනෙක් .
මොනව කරත් හිතට එන
ඇවිල්ල අවවාද කරන
මගේ හිතත් එක්ක තර්ක කරන
ආදරෙන් බනින
කෙනෙක් .
පරණ උනත් වයින් වගේ රස වෙන
කාලය - x , ආකර්ෂණය - y විට
+ m ඇති y = mx වගේ
y = mx + c නොවුන මගේ හිතට
දැනුන
කෙනෙක්.
කෙනෙක් ..
ඔව් , අන්න එහෙම
කෙනෙක් .
හරිය .

2012.08.12

No comments: