හදවත් තහඩුව
මගේ හදවත නමැති යකඩ තහඩුව ,
තවත් සියවස් ගණනාවක් පසුකොට ,
මුහුදු පත්ලේ ගිලී තිබී හමු උනායයි සිතමු .
එයින් තවමත් ,
නුඹේ නම කියවිය හැකි වේවි .
ඒ , නුඹේ නම ,
තහඩුව මත ඇලවූ ,
ස්ටිකරයක් නොවුන නිසාය .
තහඩුව මත ලියා ,
දියෙන් පෙඟී නොමැකුණු නිසාය .
තහඩුව මත කොටා ,
මළ බැඳී සැඟව නොගිය නිසාය .
ඒ , මගේ හදවත ,
නුඹේ නමේ හැඩයට නවා, බලගැන්වූ ,
නොනැසෙන තහඩුවක් වූ නිසාය
No comments:
Post a Comment