Sunday, February 9, 2014

රස්තියාදුකාර පුතා සහ ඔහුගේ පියා

ඔහු ,
තමන් තදින් අල්ලා සිටි නමුත් ,
අල්ලා සිටි බවක සලකුණු නොපෙනෙන ,
අවසන් මොහොතේ ,
ග්‍රහණයෙන් අතහැරුණු පුතෙකි.
ඔහු ,
යමක් තදින් අල්ලා හිද ,
බර දරාගත නොහැකිව අතහැරුණු ,
අල්ලා සිටි දෙයට වඩා ,
තම අතෙහි සලකුණු ඉතිරි වූ ,
පියෙකි .

No comments: