උසම උස කඳු මුදුන් වල
හිම කැටි දිය කර තැනු දිය ඔබටයි
සියල්ලන්ගෙන්ම සැඟවුණු මිටියාවත් වල පිපුණු
කිසිවෙක් සුවඳ නොවිඳු කුසුම් ඔබටයි
හිරු බසින ඈත කෙලවර බලා
පැද්දෙන රුවල් ඔරුවේ සතපන්නේ ඔබයි
හිරු නගින සිහිල් හිමිදිරියේ
තුරු මත තොටිල්ලෙන් පුබුදුවන්නේ ඔබයි
සීත රෑ වල , මා හදවතේ උණුසුමෙන්
ඔබ වටා පහන් දල්වමි
මරණය මා කැඳවා ගියද
සමු දීමට යලි පැමිණෙන්නේ ඔබ නිසයි
No comments:
Post a Comment