ඈතින්
මුහුදේ රළ බිඳෙන හඬ ඇසේ
මා අසලිත් නික්මෙන
ඔබේ සුසුම් හඬද ඇසේ
වඩාත් ප්‍රභලව ඇසෙන්නේ
ඔබේ සුසුමන්ද ?
නැතහොත් .........
රළ බිඳෙන රාවයද ?
අනේ .........
මට සිතන්නට ඉඩ දෙන්න
හොඳින්ම ඇසෙන්නේ
රළ බිඳෙන හඬයි
නමුත් ඈතින් නොවේ
මා අසලිනි
ඔබේ හද තුලිනි
සුසුම් හඬද ඇසේ
ඒ ඈතිනි
සමහරවිට
සුසුම් හෙලීමට
රළ බිඳෙන
මුහුදෙන් විය හැක.......
ප්‍රභාත් මාධව වීරසිංහ

No comments:
Post a Comment