නුඹ එන විට
සිසිල් රැයේ
පසු කරගෙන වතුසුදු ගස
හිමින් හිමින් රැගෙන එනව
සුමුදු සුවඳ දවටාගෙන
රඳවලා මා හඳ තුල
ඒ සුවඳත් නොමැකෙනලෙස
පිසදමන්න
බැඳුනු දුහුල්
වදයක් වූ මගේ සිතට
එහෙම කරන්න බැරි නම්
පෙරලාගෙන කොහොඹ ගසත්
සිලි සිලිගා නිතරහඬන
බිම වට්ටා ඇහැල ගසත්
මිදුල නිතර කිලුටු කරන
විසි කරමින් වටු කූඩුව
වනසවමින් කුරුලු පවුල
හමා යන්න
හමා යන්න
මාත් සමඟ දුර ඈතට
ප්‍රභාත් මාධව වීරසිංහ

No comments:
Post a Comment