Wednesday, February 6, 2013



සොඳුරිය
 
මම සිත් සේ ක්‍රීඩා කරමි¡
වනසමි බිඳ දමමි
සියලූම බැඳීම්
ලෝක වාසීන්
එකිනෙකා සමග ඇතිකර ගත්
ඉතා කුඩා හිතවත් කමක් වුවත්
නමුත් .......
කිසිවෙකුත් නොහඟින ලෙසින්¡
නුඹේ දසුන
මේ ලොවින් මකා දැමීමට දායක වූ
ස්වභාව ධර්මයන්
මම විනාශ කරමි¡

නුඹේ සොහොන දකින
වාරයක්  වාරයක් පාසා
මගේ ආත්මය දවනා
ගින්නෙන්
මා මුළු ලොවම
ගිනි බත් කරමි

නුඹේ මරණය
මා දෙසවනට ගෙන ආ
මේ වාතලය,
කර්කශ වියලි
දුමාරයක් කරමි.
සියළුම බැදීම්
මිහිදන් කරවමි !

පලි ගනිමි
බිලි ගනිමි
නුේ මරණයට
මා
වෙන් පලි ගනිමි
නමුත් .....
කිසිවෙකුත් ොහඟින ලෙසින්


ප්‍රභාත් මාධව විරසිංහ     

No comments: