සමාන්තර සිතිවිලි
සැඳෑ අහසේ
ඈතම ඈත
ක්ෂිතිජයේ
ඉතා කුඩාවට
වවුලෙකුගේ රුවක් මතු විය
ඌ පියාපත් සලන අයුරු
දැනීමෙන් මා හඳුනා ගතිමි
සෙමෙන් සෙමෙන්
ඌ ලං වෙයි
මා අවට ගත වන කාලයත්
ඌ අවට ගත වන කාලයත්
අසමාන යැයි
මට හැඟුනි
මාර ගසේ කොල
තව තවත් හැකිලෙත්දී
ඌ මා හිසට ඉහලින්
අහසේ,
පියඹා ගියේය¡
ඈතම ඈත සිටි වවුලා
මේ දැන්
මා ඉහලින් පියඹා
මට බොහෝ ඈතින්
වෙනත් අන්තයක සිට
ක්ෂිතිජය දෙස
බලා හිඳින්නෙකු වෙත
සෙමෙන් සෙමෙන්
ඇදී යන්නට විය
No comments:
Post a Comment