නුඹ නොදනී
මා කවුද යන වග
උදා හිරු නොදනී
නුඹ නොදනී
මාද නොදනී
නමුත් ......
අන්ධකාර මැදියම් රැය දනී
වේගවත් කුනාටු සුලඟ දනී
මුහුදූ වෙරලේ තදින් හැපෙන
රළ පහර දනී
ඒ ,
මා ඒ තැන් වල සිටින නිසාය.
දෝංකාරයක් වී ......
ඔවුන් සමග වැලපෙන නිසාය.
ප්‍රභාත් මාධව වීරසිංහ

No comments:
Post a Comment