Wednesday, February 6, 2013



අඳූරු සෙවනැලි තුලින්
හමා ඵන සුවඳ මා හඳූනමි
ඝන අන්දකාරයේ වුවද
මං මුලා නොවෙමි
වන මෘගයෝ මාගේ මිතුරෝය
දිලිසෙන දෑස් ඇති දිවි දෙන,
මා හඳුනයි
වල් වැදුනු සුනයෝ
මාගේ ඉව දනිති
මේ වනය මාහට
රැයෙත් දහවලෙත්
එකම අයුරින්
සලකයි  
මේ මාගේ අඩවියයි
මාගේ බලය විහිදුන ඉසව්වයි
ඉදින් නිල් නුවන් ඇති
සියුමැලි තරුණියේ,
නුඹ...
කුමට බිය වී සැලෙන්නේද?


ප්‍රභාත් මාධව විරසිංහ

No comments: