අඳූරු සෙවනැලි තුලින්
හමා ඵන සුවඳ මා හඳූනමි
ඝන අන්දකාරයේ වුවද
මං මුලා නොවෙමි
වන මෘගයෝ මාගේ මිතුරෝය
දිලිසෙන දෑස් ඇති දිවි දෙන,
මා හඳුනයි
වල් වැදුනු සුනඛයෝ
මාගේ ඉව දනිති
මේ වනය මාහට
රැයෙත් දහවලෙත්
එකම අයුරින්
සලකයි
මේ මාගේ අඩවියයි
මාගේ බලය විහිදුන ඉසව්වයි
ඉදින් නිල් නුවන් ඇති
සියුමැලි තරුණියේ,
නුඹ...
කුමට බිය වී සැලෙන්නේද?
ප්‍රභාත් මාධව විරසිංහ
No comments:
Post a Comment