Wednesday, February 6, 2013

රාජාලියා නික්මීම

උස් කඳු අඳුරු වලාවන්ගෙන් වැසී ඇත
ලපටි පඳුරු
සුළිඟින් කැඩී බිඳී විසිරෙයි
නිම්න භූමිය වැසී ඇත
මායාකාරි අඳුරෙන්.....
උස් තුරු අඳුරු සෙවනැළි මෙන්
වැනෙයි දෙපසට
නිම්නයේ ආලෝකය බඳු
රාජාලියා පියඹා ගොසිනි
කැදැල්ලට ගොස්ද 
 නැත ඌ හැරදා ගොස්ය
නිම්නය....  එබැවින්
රාජාලියාගේ වැළළුනු මතකය
සදාදර නිම්න භූමිය
සදාකල්හිම
අඳුරේ හෙලනු ඇත


ප්‍රභාත් මාධව වීරසිංහ

No comments: