ඔබ නොදැන ඔබ තුලම
මිය ගිය අයෙකු ලියන ලද
පැරණි ලියවිල්ලක් ඔබ කියවා ඇත්ද
ඔහු දක්ෂයෙක් නම්
සොඳුරු මිනිසෙක් නම්
ඔහු මියගොස් ඇත්දැයි
ඔබට සැක සිතෙනු ඇත
සැබවින්ම ඔබ නිවැරදිය
ඔහු ඔබගේ මනසේ
මොහොතක්………
සමහරවිට වැඩි වේලාවක්
ලියවිල්ල ලියන විට ඔහු සිතූ දේ
ඔහුගේ මනසේ ඇති වූ තත්වයන්
ඔබගේ මනසේ ඇතිවන තාක්
ඔහු ජිවත් වේ
ඔබේ ශරීරයේ
ඔහුගේ සිත ජිවත් වේ………
එය ඇදහිය නොහැකි නමුත්
දෙවියන් හා යක්ෂයින්ද
දිවිගෙවන්නේ එලෙසින්ය
මාද කිසි දිනෙක මිය නොයමි………
මාගේ සිතිවිලි
මාගේ ලියවිලි මගින්
ඔබට දැනෙන විට
වචන අතර රැඳුනු හැඟීම
ඔබට දැනෙන විට
වරින් වර
වරින් වර
සදාකාලයටම……
මමද ඔබත් සමග
ඔබගේ සිත තුල
දිවිගෙවමි
ඔබ නොදැන
ඔබ තුලම……
ප්‍රභාත් මාධව වීරසිංහ

No comments:
Post a Comment