Wednesday, February 6, 2013

මා පිබිදුනෙම්



යක්ෂයිනි පිසාචයිනි භූතයිනි
නැගිටිව්
මා පිබිදුනෙම්
නුඔලාගේ පියානන් වන මා
පිබිදුනෙම්
මිතුරණි වැඩ අරඹව්
රක්තවර්ණ රුධිර ධාරා
විනිවිද දකිනු මිනිස් සිරුරින්
බියෙන් ගැහෙන හදවත්
ඉවතට ගනු ආහාරයට
සවනට මිහිරි විලාපය
නෑසුනා නොවෙද කලකින්
පිබිදෙනු පිබිදෙනු
මේ අපගේ සෘතුවයි
කොල හැළුනු හැකිළුනු
අතු අතරින්         
ගුප්ත සුලං හ ඇසෙනා
අපගේ වසන්තයයි
සැරසියව් සැරසියව්
බිලිගැනීමට
මා සමගින්...
ප්‍රභාත් මාධව විරසිංහ

No comments: