ප්‍රේමවන්තිය
මට නුඹ මරා දැමීම අවැසිය.
මා නුඹට වෛර නොකරමි
මා නුඹට ද්වේශ නොකරමි
ඊර්ශ්‍යා නොකරමි
මා නුඹට ආදරය කරමි.
සොඳුරිය ¡.......
නුඹ සමග කිසිවෙකු දොඩමළු වීම
මම නොරුස්සමි.
ඒ පිරිමියක ගැහැනියක වුවත්
නුඹ දෙස කිසිවකු
නෙත් හෙලීම පවා
මගේ සිත කුප්පාලයි.
ඉදින් ........
මා නුඹ ආරක්ෂා කරන්නේ කෙසේද......?
යකඩ කුටියක දමා තබන්නද ,
හුදෙකලා දූවකට
ගෙන ගොස් තබන්නද,
මා හට අන් විකල්පයක් නැත
ඔබගේ දෙනෙත් පියවීම හැරුනු කොට
මගේ ඕනෑනකම
නුඹේ ආත්මය
මගේ ශරීරයේ
නිදන් ගත කිරීමයි.
ඉදින් දයාබර සොඳුරියේ .......
කවුරුන් කෙසේ කීවත්
මා නුඹ මරා දැම්මේ.........
උතුරා ගලා යන ආදරය නිසා
පමණක් බව, ඔබ පිළිගන්නවා නේද ?
ප්‍රභාත් මාධව වීරසිංහ 2008 දී

No comments:
Post a Comment