Monday, February 4, 2013




විශාල නිල් අහස දෙස බලත්දීත්
ඈතම ඈත නොපෙනෙන ඈත බලත්දීත
මට ඔබව දැනෙයි
ඔබේ ගත පිබිදෙන අයුරු
මට  දැනෙයි

නුඹේ සිතට දැනෙන සෝදුක් හැඟම්
මගේ සිත තුල නුහුරු කම්පන ඇති කරයි
මා ඔබ වෙත
ඔබ මා වෙත
මදින් මද ලං වෙයි
ඈතම ඈත සිට
හද ගැහෙන
හඬ ඇසෙන මානය තෙක්
ලං වෙයි

දිනෙන් දින
දෙපසට තබන පියවර මගින් වුවත්
දෙමගක දිව යන දිවිමං ඇතිව වුවත්
දෙතැනක යන අදහස් දැරුවා වුවත්
එකම මගක
සුවඳැති මල් ඇතිරෑ ම
පවනේ පාව අත්වැල් බැඳන් යන
දිනය ලං වෙයි 

ප්‍රභාත් මාධව වීරසිංහ




No comments: